කළු යක් උපත
බඹසත් තුන් නෙත් ගනිදු තුමාගේ
වරමුත් ගෙන පවසන කවි රාගේ
වරදක් ඇත්මුත් හරිනු මෙමාගේ
උපතක් දක්වමි මෙ කළු යකාගේ
නිලුපුල් විල් සැදි හිමාල වනමැද
කලු ගල් පර්වතයක් විය එහි සොද
ඒ විල් තෙර අධිපති කුවෙණිය ලද
සුරතල් දරු උපතක් විය මන නද
දොළක් එවෙනි කුමරිට හට ගත්තේ
නොයෙක් රූචිර මස් බුදිනු කැමැත්තේ
වතක් ඒ කළු පැහැ අදිනු කැමැත්තේ
මෙලක්ෂනේ දොළ පසුවී ගත්තේ
පුසේ නැකත දිනට එකතු වේ
තොසේ මකර ශනි රැස අව පෝ දින වේ
මෙසේ නපුරු නැකතින් බිහිවූ වේ
මෙසේ හෙයින් කළු යකු නම් තැබු වේ